. ජනාධිපති කුසලාන මරදාන සහිරා විදුහලට | කෙළිමඬල
2018 ජූලි මස 15 වැනි ඉරිදා
ජනාධිපති කුසලාන මරදාන සහිරා විදුහලට
2018-03-19 17:11:07 | ශානුක අරවින්ද

කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, 11 වැනි වරටත් සංවිධානය කළ ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මරදාන සහිරා විදුහල සමත් විය. 

සහිරා විදුහල සහ හමීඞ් අල් හුසේනි විදුහල අතර කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අවසන් මහ තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය. තරගයේ පළමු අර්ධය නිමා වන විට දෙපිලම ගෝල ලබාගැනීමට අපොහොසත් වූ අතර දෙවැනි අර්ධයේදී දෙපිලම ගෝලය බැගින් ලබාගැනීම නිසා 1-1 ක් ලෙස සම තත්ත්වයේ තිබියදී තරගය නිමාවට පත් විය. 

ඒ හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කෙරුණ අතර දඬුවම් පහර 4 ක් සාර්ථක කරගත් සහිරා විදුහල තරගාවලියේ ශූරයන් බවට පත්විය. එහිදී දඬුවම් පහර 3 ක් පමණක් සාර්ථක කරගත් හමීඞ් අල් හුසේනි විදුහලට තරගාවලියේ අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

අවසන් පූර්ව වටයේ තරගවලදී ගෝල 4-0 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරමින් සහිරා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර හමීඞ් අල් හුසේනි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ගෝල 4-0 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරමිනි. 

තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවති තරගයේදී ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව ගෝල 3-1 ක ජයක් වාර්තා කිරීමට මාරිස්ටෙලා විදුහල සමත් විය. 

මරදාන සහිරා විදුහල් කණ්ඩායම

හමීඞ් අල් හුසේනි විදුහල් කණ්ඩායම

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...