. හච් ශූරයන්ට මෝටර් රථ - යතුරු පැදි | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා
හච් ශූරයන්ට මෝටර් රථ - යතුරු පැදි
2018-03-27 20:52:35 | ශානුක අරවින්ද

එදා මෙදා තුර ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම ත්‍යාග මල්ල පිරිනැමෙන ‘2018 හච් ශ්‍රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි මාලාව කොළඹ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ ප්‍රදර්ශනාගාර ශ්‍රවනාගාරයේදී ප්‍රකාශයට පත්කෙරිණ.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය සමග එක්ව සංවිධානය කරන මෙම තරගාවලි මාලාවේ දක්ෂතම මෝටර් රථ රියැදුරාට සහ දක්ෂතම යතුරුපැදිකරුවාට නවීන මෝටර් රථ දෙකක් පිරිනැමීමට නියමිතය.

එහිදී එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්වෙන් දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරා ගැනෙන අතර එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 250 දක්වා) යතුරුපැදි ඉසව්වෙන් දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනේ.

එම මෝටර් රථ දෙකට අමතරව තරගාමාලාවේ සහාය මෝටර් රථ සහ යතුරුපැදි ඉසවු දෙකක ශූරයන් සඳහා නවීන යතුරුපැදි දෙකක් පිරිනැමිමටද සංවිධායකයෝ සූදානමින් සිටිති. එස්.එල්.එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ඉසව්වේ ශූරයා බවට පත්වන ක්‍රීඩකයාට සහ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේ ශූරයා බවට පත්වන ක්‍රීඩකයාට එම යතුරුපැදි දෙක පිරිනැමේ.

මෙවර සුපර් සීරීස් තරගාවලි මාලාවට බොරළු සහිත ධාවන පථයකදී පැවැත්වෙන තරගාවලි 5 ක් සහ තාර ඇතිරූ ධාවන පථයකදී පැවැත්වෙන තරගාවලි 5 ක් ඇතුළත් වේ.

නරියාකන්ද සුපර් ක්‍රොස්, කොළඹ සුපර් ක්‍රොස්, කැවල්රි සුපර් ක්‍රොස්, කමාන්ඩෝ සුපර් ක්‍රොස් සහ වලව සුපර් ක්‍රොස් තරගාවලි ඊට ඇතුළත් බොරළු සහිත ධාවන පථවලදී පැවැත්වෙන අතර කැන්වේ ඔටෝ ඩ්‍රෝම් තරගාවලියේ පළමු අදියර, ලයන්ස් ටොප් ස්පීඞ් තරගාවලිය, පන්නල රාත්‍රී මෝටර් රථ තරගාවලිය, කැන්වේ ඔටෝ ඩ්‍රෝම් තරගාවලියේ දෙවැනි අදියර සහ කටුකුරුන්ද මෝටර් රථ තරගාවලි තාර ඇතිරූ ධාවන පථවලදී පැවැත්වේ.

මෙම තරගාවලි අතරින් නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය සියලුම මෝටර් රථ ක්‍රීඩා සමාජ සහ සංගම් එක්ව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරේ.  අදියර දෙකකින් සමන්විත කැන්වේ ඔටෝ ඩ්‍රෝම් තරගාවලිය පැවැත්වෙන්නේ යතුරුපැදිකරුවන් සඳහා පමණි.

මෙතෙක් කලක් ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ වලව සුපර් ක්‍රොස් තරගාවලිය සහ කටුකුරුන්ද මෝටර් රථ තරගාවලියද, මේ වසරේ සිට ‘හච් ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරගාවලි මාලාවට ඇතුළත් වීම එහි තරගකාරීත්වය තවත් වැඩි කිරීමට හේතුවනු ඇතැයි සංවිධායකයෝ කියති.  

මෙවර ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලි මාලාවේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගම කටයුතු කරයි. සම අනුග්‍රාහකයන් ලෙස මැක්සීස් ආයතනය සහ ස්ටැෆර්ඞ් මෝටර්ස් පුද්ගලික සමාගමත්, තෙවැනි සම අනුග්‍රාහකයන් ලෙස මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරය සහ ප්‍රමෝවොච් වෙළෙඳ ප්‍රචාරක ආයතනයත් කටයුතු කරයි.

මෙම තරගාවලි මාලාවේ ශූරතා දිනාගන්නා රියදුරන් සහ යතුරුපැදිකරුවන් සඳහා ත්‍යාග සහ සම්මාන පිරිනැමෙන සම්මාන රාත්‍රිය නොවැම්බර් මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය.

තරගාවලි කාලසටහන

  • අප්‍රේල් 20 සහ 21 - නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය - දියතලාවේදී
  • මැයි 12 සහ 13 - වලව සුපර් ක්‍රොස් තරගාවලිය - උඩවලවේදී
  • මැයි 19 සහ 20 - කාන්වේ ඔටෝ ඩ්‍රෝම් තරගාවලියේ පළමු අදියර - මීරිගමදී
  • ජූනි 23 සහ 24 - කොළඹ සුපර් ක්‍රොස් තරගාවලිය - වැලිසරදී
  • ජූලි 7 සහ 8 - කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලිය - කුරුණෑගලදී
  • අගෝස්තු 4 සහ 5 - කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලිය - කුඩාඔයදී
  • සැප්තැම්බර් 23 සහ 24 - ලයන්ස් ටොප් ස්පීඞ් තරගාවලිය - කටුකුරුන්දේදී
  • ඔක්තෝබර් 27 සහ 28 - පන්නල ස්පීඞ් රාත්‍රී මෝටර් රථ තරගාවලිය - පන්නලදී
  • නොවැම්බර් 3 සහ 4 - කාන්වේ ඔටෝ ඩ්‍රෝම් තරගාවලියේ දෙවැනි අදියර - මීරිගමදී
  • නොවැම්බර් 17 සහ 18 - කටුකුරුන්ද මාණ්ඩලික මෝටර් රථ තරගාවලිය - කටුකුරුන්දේදී

හච් ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති කාමිල් හුසේන් මහතාට සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති දිනේෂ් ජයවර්ධන මහතාට අනුග්‍රාහක චෙක්පත ප්‍රධානය කළ අයුරු... ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද ඡායාරූපයේ සිටියි.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී...
2018-10-20 10:13:07
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...