. පළමු දිනයේ වැඩි වාසී ශාන්ත ආනා විදුහලට | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
පළමු දිනයේ වැඩි වාසී ශාන්ත ආනා විදුහලට
2018-04-10 18:46:03 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර ශාන්ත අන්තෝනී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භවූ අවසන් මහ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අවසන් කරනවිට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින රත්ගම දේවපතිරාජ විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 19 ක් රැස්කර සිටියේය.


කාසියේ වාසිය දිනාගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට ආරාධනා කළ අතර කඩුලු 6 ක් දැවී ලකුණු 231 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කළහ.


පුබුදු ගනේගම (68), ධනංජය බණ්ඩාර (57) සහ දිනෙත් චන්දිමාල් (51) අර්ධ ශතක ලබගනිමින් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වු අතර ඉරුශික ගාමින්ද ලකුණු 87 කට කඩුලු 5 ක් සහ පවන් ද සිල්වා ලකුණු 45 කට කඩුලු 3 ක් දවාගනිමින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

ශා.ආනා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 68 කදී කඩුලු 6 දැවී ලකුණු 231
(පුබුදු ගනේගම 68, ධනංජය බණ්ඩාර 57, දිනෙත් චන්දිමාල් 51, රංධීර රණසිංහ නොදැවී 46, වනිත වන්නිනායක 26, ඉරුශික ගාමින්ද 87/5, පවන් ද සිල්වා 45/3)


දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 5.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 19

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...