. හේනේගම මැදි විදුහල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
හේනේගම මැදි විදුහල අවසන් පූර්ව වටයට
2018-04-10 19:50:53 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය ලකුණු 229 කින් පරාජය කිරීමට හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට අවස්ථාව හිමිවිය.


කාසියේ වාසිය දිනාගත් ශ්‍රී රාහුල විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 283 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.


හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ සසංක දුලාජ් (81) සහ සමිත් විජේනායක (55) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ජනිත් මයිතිපේ ලකුණු 75 කට කඩුලු 4 ක් සහ දිල්ශාන් අරඹේගෙදර ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී රාහුල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ජයග්‍රහණය සදහා ලකුණු 284 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී රාහුල විද්‍යාලයට ඕවර 17 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 54 ක් පමණි.


විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ දමිත් විජේනායක ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගනිමින් හේනේගම මධ්‍ය මහා විද්‍යාලය අවසන් පූර්ව වටය සදහා රැගෙන යාමට සමත්විය. දමිත් විජේනායකට අනගි සහයක් ලබාදුන් ප්‍රමිත් දර්ශණ සහ ළහිරු පෙරේරා කඩලු 2 බැගින් දවාගනිමින් හේනේගම මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

හේනේගම ම.ම. විද්‍යාලය - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 283
(සසංක දුලාජ් 81, සමිත් විජේනායක 55, කැළුම් ලෝචන 31, දිල්ශාන් අරඹේගෙදර 41/3, ජනිත් මයිතිපේ 75/4)


ශ්‍රී රාහුල විද්‍යාලය - ඕවර 17 කදී සියලුදෙනා දැවී ලකුණු 54
(දමිත් විජේනායක 21/5, ප්‍රමිත් දර්ශණ 11/2, ළහිරු පෙරේරා 07/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...