. පිතිකරුවෝ චෙන්නායි පිලට ජය ගෙනෙති | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
පිතිකරුවෝ චෙන්නායි පිලට ජය ගෙනෙති
2018-04-10 23:58:00 | .

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (2018) 5 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර චෙන්නායිහිදී අද (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ කඩුලු 5 ක් පමණක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. 19 වැනි ඕවරයේ පස්වැනි පන්දුව හයේ සීමාවට ඉහළින් යැවූ රවින්ද්‍ර ජදේජා චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 23 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 56 ක් රැස්කළ සෑම් බිලිංග්ස් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක මහේන්ද්‍ර සිං දෝනි (25) සමග එක්ව පන්දු 30 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බිලිංග්ස් සමත් විය.

ෂේන් වොට්සන් (42) සහ අම්බටි රයිඩු (39) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දැවැන්ත ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 19 කදී වාර්තා වූ වොට්සන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 26 කදී වාර්තා වූ රයිඩුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඔන්ඩි්‍ර රසල්ගේ ප්‍රවේගකාරී ඉනිම හමුවේ කඩුලු 6 ක් දැවී ලකුණු 202 ක් ලබාගත්තේය.

කොල්කටා ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඔන්ඩි්‍ර රසල් පන්දු 36 කදී දැවැන්ත හයේ පහර 11 ක් සහ හතරේ පහරක් සමගින් වේගවත් ලකුණු 88 ක් රැස්කිරීමට සමත් විය. ඉනිමේ අවසන් පන්දුවට ඔහු ගැසූ හයේ පහරත් සමග කොල්කටා පිලට ලකුණු 200 සීමාව ඉක්මවා යෑමේ අවස්ථාව හිමිවිය.

රොබින් උතප්පා හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද, ක්‍රිස් ලයන් හතරේ පහර 4 ක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් කොල්කටා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා රසල්ට අනගි සහායක් දුන්හ. නායක දිනේෂ් කාර්තික් පන්දු 25 කදී ලකුණු 26 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

එහිදී චෙන්නායි කණ්ඩායමේ පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ කොල්කටා පිතිකරුවන්ගෙන් පහර කෑමට ලක් වූ අතර ෂේන් වොට්සන් ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 202
(ක්‍රිස් ලයන් 22, රොබින් උතප්පා 29, දිනේෂ් කාර්තික් 26, ඔන්ඩි්‍ර රසල් 88, ෂේන් වොට්සන් 39/2

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 19.5 කදී කඩුලු 5 ක් දැවී 205
(ෂේන් වොට්සන් 42, අම්බටි රයිඩු 39, මහේන්ද්‍ර සිං දෝනි 25, සෑම් බිලිංග්ස් 56, ටොම් කරන් 39/2) 

 

-036

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...