. ගාල්ල විද්‍යාලෝකය අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
ගාල්ල විද්‍යාලෝකය අවසන් පූර්ව වටයට
2018-04-10 20:02:40 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ හොරණ තක්ෂිලා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය එරෙහිව පැරබෝලා න්‍යායට ජය හිමිකරගත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (9 වැනිදා) සමත්විය.


කාසියේ වාසිය දිනාගත් නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙමින් ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 184 ක් රැස්කළේය.


සෙල්ව කුමාර් ලකුණු 46 ක් රැස්කරමින් ශාන්ත ජොන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර පැතුම් හසරංගලකුණු 27 කට කඩුලු 4 ක් දවාගනිමින් විද්‍යාලෝක විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ජයග්‍රහණය සදහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 36 කදී කඩුලු 6 ක් දැවි ලකුණු 166 ක් රැස්කර සිටියේය. පැරබෝල් න්‍යායට අනුව එම අවස්ථාවේ තරගය නතර කරනවිට ශා. ජොන් විද්‍යාලයට වඩා ඉහළින් සිටීමට විද්‍යාලෝක විද්‍යාලය සමත්විය.


එම්.ජිනරත්න ලකුණු 38 ක් රැස්කරමින් විද්‍යාලෝක විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර ටෙශාන් මලින්ද ලකුණු 41 කට කඩුලු 2 ක් දවාගත්තේය.

 

ශා. ජොන් විද්‍යාලය - ඕවර 50 කදී සියලුදෙනා දැවී ලකුණු 184
(සෙල්ව කුමාර් 46, සදීශන් චමෝද්‍ය 38, නුරාජ් ප්‍රසංග 26, දෙව්මිණ ඒකනායක 25, නිතිල පූර්ණජිත් 23, පැතුම් හසරංග 27/4)


විද්‍යාලෝක විද්‍යාලය - ඕවර 36 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 166
(එම්.ජිනරත්න 38, සචිඳු සෞම්‍ය 37, අනුරාධ සම්පත් 23, ටෙශාන් මලින්ද 41/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...