. සාෆ් ශූරතාවලිය සැප්තැම්බර් 4 දා සිට | කෙළිමඬල
2018 මැයි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
සාෆ් ශූරතාවලිය සැප්තැම්බර් 4 දා සිට
2018-04-10 22:04:09 | නාමල් පතිරගේ

සාෆ් පාපන්දු ශූරතාවලිය ලබන සැප්තැම්බර් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා බංගලාදේශයේ ‘ඩකා’ නුවරදී පැවැත්වේ. තරගාවලියේ නිල තරග සැලැස්ම එළිදැක්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීම  මෙම 18 වැනිදා ‘ඩකා’ නුවරදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාපන්දු සම්මේලනයේ සභාපති අනුරද සිල්වා මහතා සහභාගිවීමට නියමිතය.

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මේ වනවිට උප සභාපතිධුරයන් දරන පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතාද එම විධායක හමුවට සහභාගිවීමට නියමිතය. කෙසේ වුවත් රුද්‍රිගු මහතාගේ ධුර කාලය එම මහා සභා රැස්වීමෙන් පසුව අවසන් වන අතර පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුරද සිල්වා මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් උප සභාපති ධුරයට පත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...