. දඹුල්ල පිල ලකුණු 127 ක් ඉදිරියෙන් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
දඹුල්ල පිල ලකුණු 127 ක් ඉදිරියෙන්
2018-04-10 23:49:00 | ශානුක අරවින්ද

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දිවා-රාත්‍රී තරගයේ තෙවැනි දිනය වූ අද (10 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 138 ක් ලබා සිටියේය.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම තවත් කඩුලු 8 ක් අතැතිව ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 127 ක් ඉදිරියෙන් සිටියි. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට අෂාන් ප්‍රියංජන් හතරේ පහර 6 ක් සමග ලකුණු 67 ක්ද, සචිත්‍ර සේරසිංහ හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. දිනය නිමාවන විට ඔවුන් දෙදෙනා එක්ව දඹුල්ල කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිදුණ සම්බන්ධතාව ලකුණු 76 කි.  

දඹුල්ල කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලකුණු ලබා ගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමට නිසල තාරක සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රමගේ සහායද ඇතිවය. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් (26) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ගාල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් විය.

දෙවැනි දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය නතර කරන විට විට කඩුලු 2 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටි ගාල්ල ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 205 එක්කරගත්හ. ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චතුරංග ද සිල්වා (54) අර්ධ ශතකයක් ලබාගනිමින් සිය කණ්ඩායමට පළමු ඉනිමේ ජයග්‍රහණයක් අත්කරදීම සඳහා පුරෝගාමී විය. පන්දු 45 කදී වාර්තා වූ චතුරංගගේ වේගවත් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ළහිරු ගමගේ ලකුණු 78 කට කඩුලු 5 ක් දවාගත්තේ චතුරංගගේ කඩුල්ලද සමගිනි. රොෂේන් සිල්වාගේ (44) සහ දසුන් ශානකගේ (32) කඩුලු බිඳදැමීමටද ළහිරු සමත් විය. ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ළහිරුට අනගි සහායක් දුන් රංගන හේරත් ලකුණු 42 කට කඩුලු 2 ක් බිඳහෙළීය.

දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 244
(කුසල් මෙන්ඩිස් 89, ළහිරු මධුෂංක 26, රංගන හේරත් 25, අෂාන් ප්‍රියංජන් 24, මිලින්ද සඳරුවන් 24, මනෝජ් සරත්චන්ද්‍ර 19, චතුරංග ද සිල්වා 31/3, මාලින්ද පුෂ්පකුමාර 30/2, නිසල තාරක 54/2)

ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 255
(මාධව වර්ණපුර 21, උපුල් තරංග 25, රොෂේන් සිල්වාගේ 44, දසුන් ශානකගේ 32, චතුරංග ද සිල්වා 54, නිසල තාරක 19, ළහිරු ගමගේ 78/5, රංගන හේරත් 42/2)

දඹුල්ල දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 138
(කුසල් මෙන්ඩිස් 26, අෂාන් ප්‍රියංජන් නොදැවී 67, සචිත්‍ර සේරසිංහ නොදැවී 29)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...