. බණ්ඩාරගෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 22 වැනි ඉරිදා
බණ්ඩාරගෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්
2018-04-11 16:16:16 | .

විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වේ කිලෝ ග්‍රෑම් 52 (පිරිමි) බර පංතියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාර සමත් විය.

තරගාවලියේ හත්වැනි දිනය වන අද (11 වැනිදා) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ලෙසොතෝ රාජ්‍යයේ තාබෝ මොලේෆි පරාජය කරමින් බණ්ඩාර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. මොලේෆි සහ බණ්ඩාර අතර පැවැති මූලික වටයේ තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තද, අවසානයේ විනිසුරුවන් 5 දෙනාගෙන් සිවුදෙනෙකුගේම වැඩි ලකුණු බණ්ඩාරට හිමිවිය.

ලබන 13 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ ගෞරව් සොලංකිට එරෙහිව බණ්ඩාර තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ජයගැනීමට සමත් වුවහොත් බණ්ඩාරට රන් හෝ රිදී පදක්කමක් කරා යෑමට අවස්ථාව හිමිවන අතර පරාජය වුවහොත් ඔහුට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.

අද පැවැති කිලෝ ග්‍රෑම් 51 (කාන්තා) බර පංතියේ අවසන් පූර්ව වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ දුලානි ජයසිංහ එහිදී කෙන්යාවේ ක්‍රිස්ටීන් ඔන්ගාරේ හමුවේ පරාජයට පත් වූවාය. එම තරගයේ පළමු වටය ජයගැනීමට දුලානි සමත් වුවද, දෙවැනි වටයේදී කෙන්යානු ක්‍රීඩිකාවගේ පහරදීම හමුවේ ඇය ආබාධයකට ලක්වූවාය. ඒ හේතුවෙන් දෙවැනි වටය අතරතුර එම තරගය නතර කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

 

- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක්...
2018-04-17 20:49:10
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (17 වැනිදා...
හිරුණි විජේරත්න...
2018-04-16 19:26:26
“අද මම කළේ මගේ හොඳම මැරතන් තරගය නෙමේ. ඒත් මට පුළුවන් තරම් හොඳින් මම තරග කළා. කිලෝ මීටර 15 ක් විතර ගියාට මගේ තියෙන සියලුම ශක්තිය ඉවර වෙයි කියල...
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
අපේ කාලයේ පන්දු යැවීම පහසුයි - මුරලි...
2018-04-17 16:34:31
දඟ පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට කළ බලපෑම අති මහත්ය. ටෙස්ට් මෙන්ම එක්දින තරග වලදීත් ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාග...