. 23න් පහළ කාන්තා ක්‍රිකට් ශූරතාව මහනුවරට | කෙළිමඬල
2018 මැයි මස 22 වැනි අගහරුවාදා
23න් පහළ කාන්තා ක්‍රිකට් ශූරතාව මහනුවරට
2018-04-12 09:45:39 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස 23 න් පහළ අන්තර් පාළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ප්‍රසාද ලකුණු 24.69 ක් ලබාගත් මහනුවර කණ්ඩායම සමත් විය. 

ප්‍රසාද ලකුණු 23.13 ක් ලබාගත් ගාල්ල කණ්ඩායම තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත් අතර දඹුල්ල (ප්‍රසාද ලකුණු 15.18) සහ කොළඹ (ප්‍රසාද ලකුණු 2.74) කණ්ඩායම් පිළිවෙලින් එහි තෙවැනි සහ සිවුවැනි ස්ථාන වලට පත් විය. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර කණ්ඩායමේ නායික මල්ෂා ෂෙහානි සම්මාන දිනාගත්තාය. දක්ෂතම පිතිකාරිණිය ලෙස ගාල්ල කණ්ඩායමේ නායක සත්‍යා සංදීපනීද, දක්ෂතම පන්දුයවන්නිය ලෙස මහනුවර කණ්ඩායමේ සයනි ඕෂදීද සම්මාන ලැබූහ.  

තරග 6 කින් සමන්විත වූ මෙම තරගාවලිය හොරණදී සහ බණ්ඩාරගමදී පැවැති අතර මහනුවර, ගාල්ල, දඹුල්ල සහ කොළඹ යන කණ්ඩායම ඊට සහභාගි විය. 
 

මහනුවර කණ්ඩායම

ගාල්ල කණ්ඩායම 

 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව -මල්ෂා ෂෙහානි (මහනුවර කණ්ඩායම) 

 

 දක්ෂතම පිතිකාරිණිය - සත්‍යා සංදීපනී (ගාල්ල කණ්ඩායම)

 

දක්ෂතම පන්දු යවන්නිය- සයනි ඕෂදී  (මහනුවර කණ්ඩායම) 

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...
කොදෙව් සංචාරයේ සංයුතිය වෙනස් වෙයි...
2018-05-19 19:07:13
මේ මස අගදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුනෙන් එකක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ ...