. දෙවැනි කොටසේ ශූරතාව රත්ගම දේවපතිරාජයට | කෙළිමඬල
2019 ජනවාරි මස 21 වැනි සඳුදා
දෙවැනි කොටසේ ශූරතාව රත්ගම දේවපතිරාජයට
2018-04-12 15:29:37 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ශූරතාව හිමිකර ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය ඊයේ (11 වැනිදා) සමත්විය. 

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර ශාන්ත අන්තෝනී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී පළමු ඉනිම ජයගනිමින් ශූරතාව හිමිකර ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයට හැකිවිය.

සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 128 ක සම්බන්ධතාවයක් පැවැත්වූ සුධීර වීරරත්න සහ රවීන් යසස් දේවපතිරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙන ඒමට දායකවූහ.

දීර්ඝ ඉනිමක් ක්‍රීඩාකළ සුධීර වීරරත්න පන්දු 237 කදී ලකුණු 104 ක් රැස්කළ අතර හතරේ පහර 16 ක් සහ හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය

සුධීර වීරරත්නට අනගි සහයක් ලබාදුන් රවීන් යසස් (64) අර්ධ ශතකයක් රැස්කිරීමට සමත්විය.
දෙවැනි කොටසේ ශූරතාවය හිමිකරගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලයත් අනුශූරයන්වූ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයත් ලබන වසරේ පැවැත්වෙන පළමු කොටසේ තරගාවලිය සදහා උසස්වීමක් ලබාගනු ඇත.

ශා.ආනා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 79.2 කදී සියලුදෙනා දැවී ලකුණු 275
(පුබුදු ගනේගම නොදැවී 68, ධනංජය බණ්ඩාර 57, දිනෙත් චන්දිමාල් 51, රංධීර රණසිංහ 46, වනිත වන්නිනායක 26, ඉරුශික ගාමින්ද 87/5, පවන් ද සිල්වා 45/3)


දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 112.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 283
(සුධීර වීරරත්න 104, රවීන් යසස් 64, ජීවක රෂ්මිත 34, පැතුම් මෙන්ඩිස් නොදැවී 20, තිසර ඩිල්ශාන් නොදැවී 20, ධනංජය බණ්ඩාර 10/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...