. ඩඞ්ලි සේනානායක විදුහල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 ජූනි මස 22 වැනි සිකුරාදා
ඩඞ්ලි සේනානායක විදුහල අවසන් පූර්ව වටයට
2018-04-12 17:58:21 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට තෝලන්ගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලය අද (12 වැනිදා) සමත්විය. 


ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 64 ක ජයක් හිමිකර ගැනීමට තෝලන්ගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලයට හැකිවිය.


කාසියේ වාසිය දිනාගත් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා තෝලන්ගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 171 ක් පමණි.


සිතුම් වික්‍රමාරච්චි ලකුණු 33 ක් රැස්කරමින් ඩඞ්ලි සේනානායක විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර මලීශ භාග්‍ය සහ නිපුන් සංතුෂ් කඩුලු 2 බැගින් දවාගනිමින් බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ජයග්‍රහණය සදහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ඕවර 29.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 107 ක් පමණි.

ලකුණු 30 ක් ලබාගත් සජිත් මදුසංක බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාවූ අතර කවිෂ්ක ධර්මකීර්ති, මල්ෂාන් දිසානායක සහ ලක්ජිත් ජයවීර කඩුලු 2 බැගින් දවාගනිමින් ඩඞ්ලි සේනානායක විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

 

ඩඞ්ලි සේනානායක විද්‍යාලය - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 171
(සිතුම් වික්‍රමාරච්චි 33, හර්ෂ කරුණාරත්න 29, සඳකැන් ජයවීර 29, මිලිඳු මදුශාන් 24, මලීශ භාග්‍ය 26/2, නිපුන් සංතුෂ් 30/2)


බණ්ඩාරනායක ම.ම.විද්‍යාලය - ඕවර 29.3 කදී සියලුදෙනා දැවී ලකුණු 107
(සජිත් මදුසංක 30, කවිෂ්ක ධර්මකීර්ති 07/2, මල්ෂාන් දිසානායක 15/2, ලක්ජිත් ජයවීර 24/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...