. හයිද්‍රාබාද් පිලට කඩුල්ලක තියුණු ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
හයිද්‍රාබාද් පිලට කඩුල්ලක තියුණු ජයක්
2018-04-12 20:16:06 | ...

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ හත්වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර හයිද්‍රාබාද්හිදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 9 ක් දැවී අවසන් පන්දුවේදී ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.

පිතිකරුවන් අසාර්ථක වනවිට කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් අවසන් පන්දුව තෙක් කඩුල්ලේ රැඳී සිටි දීපක් හූඩා පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස් කිරීමට සමත්විය.

වේගවත් ආරම්භයක් ලබාගත් ශීකර් ධවාන් පන්දු 28 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් ජයග්‍රහණයට අඩිතාලම දැමීය.

මයාන්ක් මාර්කන්ඬේ ලකුණු 23 කට කඩුලු 4 ක් සහ මුස්ටෆීසූර් රෙහ්මන් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවූහ.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 147 ක් රැස්කිරීමට සමත්විය.

වැඩිම ලකුණු ලාභියා වෙමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 29 ක් රැස්කළ එවින් ලෙවිස් වේගවත් ආරම්භයක් ලබාගත්තද සිද්ධාර්ත් කෞල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.


සූර්යකුමාර් යාදව් සහ කරන් පොලාඞ් ලකුණු 28 බැගින් ලබාගනිමින් මුම්බායි ඉන්දියන්ස් ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සහ ගත්හ.

සංදීප් ශර්මා, සිද්ධාර්ත් කෞල් සහ බිලී ස්ටෑන්ලේක් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ වෙනස්කමක් සිදුකරමින් භුවනේෂ්වර් කුමාර් වෙනුවට සංදීප් ශර්මා කැදවා ඇති අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් හර්දික් පාණ්ඩ්‍යා සහ මිචෙල් මැක්ලෙනගක් කණ්ඩායමෙන් ඉවත්කර ප්‍රදීප් සංග්වාන් සහ බෙන් කටින් කණ්ඩායමට කැඳවූහ.

කාසියේ වාසිය ලැබූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

මුම්බායි ඉන්දියන් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 147
(එවින් ලෙවිස් 29, සූර්යකුමාර් යාදව් 28, කරන් පොලාඞ් 28, සංදීප් ශර්මා 25/2, සිද්ධාර්ත් කෞල් 29/2, බිලී ස්ටෑන්ලේක් 42/2)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 151
(විර්දිමාන් සාහා 22, ශීකර් ධවාන් 45, දීපක් හූඩා නොදැවී 32, මයාන්ක් මාර්කන්ඬේ 23/4, මුස්ටෆීසූර් රෙහ්මන් 24/3, ජස්ප්‍රීට් බුම්රා 32/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...