. කොල්කටා පිලට ලකුණු 71 ක පහසු ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
කොල්කටා පිලට ලකුණු 71 ක පහසු ජයක්
2018-04-16 20:45:29 | .

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර අද (16 වැනිදා) කොල්කටාහිදී පැවැති තරගයෙන් ලකුණු 71 ක පහසු ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිලිස් කණ්ඩායමට ඕවර 14.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුනිල් නරේන් සහ කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් දවාගනිමින් දිල්ලි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

රිෂාබ් පාන්ට් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක් සහ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 47 ක් රැස්කිරීමට සමත් වුවද සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට ඔවුන් දෙදෙනා අසමත් වූහ. පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යාමට පෙර දැවී යෑමද දිල්ලි කණ්ඩායමට විශාල පාඩුවක් විය.

කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 200 ක් ලබාගත්තේය.

කොල්කටා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ක්‍රිස් ලයන් (31) සහ රොබින් උතප්පා (35) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 29 කදි වාර්තා වූ ලයන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 19 කදී වාර්තා වූ උතප්පාගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ නිටිෂ් රානා පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළේය. ඔන්ඩි්‍ර රසල් (41) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රානා සමත් විය. මුහුණදුන් පන්දු 12 න් 6 කටම හයේ පහර එල්ල කළ ඔන්ඩි්‍ර රසල්, සිය කණ්ඩායමේ ලකණු සංඛ්‍යාව 200 සීමාව කරා රැගෙන ගියේය.

කොල්කටා ඉනිමේ අවසන් ඕවරය යැවූ රාහුල් තේවටියා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් එහිදී කඩුලු 3 ක් දවාගත්තේ එක් ලකුණක් පමණක් ලබාදෙමිනි. ටේ‍රන්ට් බෝල්ට් සහ ක්‍රිස් මොරිස් කඩුලු 2 බැගින් දවාගනිමින් දිල්ලි කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 200
(ක්‍රිස් ලයන් 31, රෙබින් උතප්පා 35, නිටිෂ් රානා 59, දිනේෂ් කාර්තික් 19, ඔන්ඩි්‍ර රසල් 41, රාහුල් තේවටියා 18/3, ටේ‍රන්ට් බෝල්ට් 29/2, ක්‍රිස් මොරිස් 41/2)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල - ඕවර 14.2 කදී සියලු දෙනා දැවී 129
(රිෂාබ් පාන්ට් 43, ග්ලේන් මැක්ස්වෙල් 47, සුනිල් නරේන් 18/3, කුල්දීප් යාදව් 32/3)

 

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...