. මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක්
2018-04-17 20:49:10 | .

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (17 වැනිදා) පැවැති තරගය ලකුණු 46 කින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 167 ක් පමණි.

තනි සටනක දියත් කළ විරාට් කෝලී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 62 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 92 ක් රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

ආරම්භය සාර්ථක වුවද මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් අසාර්ථකවීම හේතුවෙන් ජයග්‍රහණය කරා යෑමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නොහැකි වූහ. 

කෲනාල් පාණ්ඩ්‍යා කඩුලු 3 ක්ද ජස්ප්‍රීට් බුම්රා සහ මිචෙල් මැක්ලෙනගන් කඩුලු 2 බැගින් දවාගනිමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

රෝහිත් ශර්මාගේ (94) විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 213 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ රෝහිත් ශර්මා ලකුණු 94 ක් රැස්කර සිටියදී කොරී ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් වෝක්ස් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. දැවීයන විට පන්දු 52 කට මුහුණදුන් රෝහිත් ශර්මාගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.

පළමු පන්දු දෙක තුළදී සූර්යකුමාර් යාදව් සහ ඉශාන් කිශාන් දවාගනිමින් මුම්බායි ඉන්දියන් පිලට තර්ජනයක් දීමට උමේෂ් යාදව් සමත්වුවද තෙවැනි කඩුල්ල සදහා පන්දු 66 කදී ලකුණු 108 ක සම්බන්ධතාවයක් පවත්වමින් තරගයේ පාලනය සියතට ගැනීමට රෝහිත් ශර්මා සහ එවින් ලෙවිස් සමත්වූහ.

රෝහිත් ශර්මාට අනගි සහයක් ලබාදුන් එවින් ලෙවිස් පන්දු 42 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය.

උමේෂ් යාදව් සහ කොරී ඇන්ඩර්සන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලී පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 213
(රෝහිත් ශර්මා 94, එවින් ලෙවිස් 65, උමේෂ් යාදව් 36/2, කොරී ඇන්ඩර්සන් 47/2)

රෝයල් චැලේන්ජර්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 167
(විරාට් කෝලී නොදැවී 92, කෲනාල් පාණ්ඩ්‍යා 28/3, ජස්ප්‍රීට් බුම්රා 28/2 මිචෙල් මැක්ලෙනගන් 24/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...