. ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 මැයි මස 22 වැනි අගහරුවාදා
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි
2018-04-19 20:30:02 | ...

ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මොහාලීහිදී අද (19 වැනිදා) පැවැති තරගය ලකුණු 15 කින් ජයගැනීමට කිංග්ස් XI පංජාබ් කණ්ඩායම සමත්විය.
 
ජයග්‍රහණය සදහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණි.
 
ශීකර් ධවාන් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ අතර සන්රයිසස් හයිද්‍රාබාද් ලකුණු පුවරුව ලකුණු 14 ක් වනවිට පළමු කඩුල්ල ලෙස විර්දිමාන් සාහා ලකුණු 6 කට දැවී ගියේය.
 
වේගවත් පිතිහරඹයක නිරතවූ යුසුෆ් පතාන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලබානොදුන් මොහිත් ශර්මා ඔහුව ලකුණු 19 කට දවාගත්තේය.
 
දෙවැනි කඩුල්ල සදහා එක්වූ කේන් විලියම්සන් සහ මනීෂ් පාණ්ඬේ අර්ධ ශතක ලබාගත් අතර පන්දු 56 කදී ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට උත්සහ කළද එය නිෂ්ඵල වූහ.
 
පන්දු 41 කට මුහුණදුන් කේන් විලියම්සන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළ අතර මනීෂ් පාණ්ඬේ ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 42 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් ලබාගත්තේය.
 
පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 24 ක් රැස්කළ සකීබ් අල් හසන් පස්වැනි කඩුල්ල සදහා මනීෂ් පාණ්ඬේ සමගින් එක්ව පන්දු 20 කදී ලකුණු 45 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගුවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
 
 කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 193 ක් රැස්කිරීමට සමත්විය.
 
සෙමින් සෙමින් සිය ඉනිම ඇරඹු ක්‍රිස් ගේල් කිංග්ස් XI පන්ජාබ් ඉනිම අවසන් වනවිට පන්දු 63 කදී හයේ පහර 11 ක් සහ එක් හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 104 ක් රැස්කිරීමට සමත්විය. ක්‍රිස් ගේල් විසින් අද ලබාගත් ශතකය අයි.පී.එල් ක්‍රිකට් ඉතිහාසයේ ඔහු විසින් ලබාගත් 6 වැනි ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.
 
ලෝකේෂ් රාහුල් සමගින් පළමු කඩුල්ල සදහා පන්දු 47 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ක්‍රිස් ගේල් තෙවැනි කඩුල්ල සදහා කරුන් නායර් සමගින් එක්ව පන්දු 42 කදී ලකුණු 85 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.
 
ක්‍රිස් ගේල්ට අනගි සහයක් ලබාදුන් කරුන් නායර් පන්දු 21 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට සමත්විය.
 
කඩුල්ලක් දවාගනිමින් ඕවර 4 තුළදී ලකුණු 55 ක් ලබාදෙමින් දැඩි පරදීමකට ලක්වූ රශීඞ් ඛාන්ගේ එක් ඕවරයකදී ලකුණු 27 ක් උදුරා ගැනිමට ක්‍රිස් ගේල් සමත්විය.
 
කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායම වෙනස්කමක් සිදු නොකරමින් අවසන් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයටද සහභාගී කරවන අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් බිලී ස්ටෑන්ලේක් වෙනුවට ක්‍රිස් ජෝදාන් කණ්ඩායමට කැඳවා ඇත.
 
මෙවර තරගාවලියේදී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායමක් විසින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ පළමු අවස්ථාව විය.
 
කිංග්ස් XI පන්ජාබ් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 193
(ක්‍රිස් ගේල් නොදැවී 104, කරුන් නායර් 31)
 
සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 178
(කේන් විලියම්සන් 54, මනීෂ් පාණ්ඬේ නොදැවී 57, සකීබ් අල් හසන් නොදැවී 24, ඇන්ඩි්‍රව් ටේ 23/2, මෝහිත් ශර්මා 51/2)
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...
කොදෙව් සංචාරයේ සංයුතිය වෙනස් වෙයි...
2018-05-19 19:07:13
මේ මස අගදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුනෙන් එකක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ ...