. තිසර පෙරේරා ලෝක කණ්ඩායමට | කෙළිමඬල
2019 ජනවාරි මස 23 වැනි බදාදා
තිසර පෙරේරා ලෝක කණ්ඩායමට
2018-04-20 17:54:03 | .

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිරිමට ශ්‍රී ලංකවේ තිසර පෙරේරාට අවස්ථාව ලැබි ඇත. මෙම තරගය සංවිධානය කිරිමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ ඉර්මා සහ මරියා කුණාටු නිසා විනාශයට පත් වූ කැරබියානු ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවතත් යථා තත්වයට පත් කිරිමයි.

“පසුගිය වසරේ ලාහෝර්හීදි, පාකිස්තානයට එරෙහිව ලෝක ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරිමෙන් අනතුරුව දෙවන වතාවටද ලෝක ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට මට වරප්‍රසාද ලැබී තිබෙනවා. මා ඉදිරි මාසයේදී පවත්වන්නට යෙදෙන තරගය දෙස බලන්නේ මහත් උනන්දුවෙන්. එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් සමග උරින් උර  ගැටීමට ලැබීම දුර්ලභ අවස්තාවක් සේම ඔවුන් සමග ක්‍රීඩා කිරීම මාගේ වෘත්තිමය තත්ත්වය වඩාත් ඉහළ තලයකට ගෙන යනු ඇති” යයි ලෝක කණ්ඩායමට තෝරා ගැනීමේ අවස්ථාව සම්බන්ධයෙන් තිසර පෙරේරා කියා සිටියේය.

“මට ලබාදුන් අවස්ථාව පිළිබඳ මම ඉතාමත් සතුටට පත්වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩාංගණ නැවත ගොඩ නැගීම සඳහා ක්‍රීඩකයන් එකතු වී සිටීම සතුටට කරුණක්. බටහිර ඉන්දීය කොදෙව් වසර ගණනාවක් පුරා ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දායකත්වය සපයා තිබෙනවා. අතර අපේ පරම්පරාවේ සියලුම ක්‍රීඩකයන්ගෙන් සහයෝගය සපයා දීම කළ යුතුය.”

 

- 024

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...