. ශා.ආනා විදුහල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
ශා.ආනා විදුහල අවසන් පූර්ව වටයට
2018-04-20 18:08:25 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය ඊයේ (19 වැනිදා) සමත්විය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් ශාන්ත ආනා විද්‍යාලය පළමුව පන්දුවට පහරදිම සදහා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 39.5 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163 ක් පමණි.

දිමුත් සඳරුවන් (58) අර්ධ ශතකයක් ලබාගනිමින් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පසිඳු තෙන්නකෝන් ලකුණු 11 කට කඩුලු 4 ක් දවාගනිමින් ශාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ජයග්‍රහණය සදහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ආනා විද්‍යාලය ඕවර 35 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

පිත්තෙන් දස්කම් දැක්වූ පුබුදු ගනේගම (නොදැවී 64) අර්ධ ශතකයක් රැස්කරමින් ශාන්ත ආනා විද්‍යාලය අවසන් පූර්ව වටය සදහා රැගෙන යාමට සමත්විය.

ජනෙත් කෞශාල් සහ දිනුප ක්‍රිශ්ණ කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


කරන්දෙණිය ම.ම.විද්‍යාලය - ඕවර 39.5 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(දිමුත් සඳරුවන් 58, ඉශාර මදුවන්ත 36, ජනෙත් කෞශාල් 20, පසිඳු තෙන්නකෝන් 11/4, රංදීර ක්‍රිශාන් 16/2, පුබුදු ගනේගම 36/2)

ශා. ආනා විද්‍යාලය - ඕවර 35 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 164
(පුබුදු ගනේගම නොදැවී 64, ජනෙත් කෞශාල් 33/3, දිනුප ක්‍රිශ්ණ 45/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...