. තිස්ස මැදු විදුහල අවසන් තරගයට | කෙළිමඬල
2018 ජූනි මස 20 වැනි බදාදා
තිස්ස මැදු විදුහල අවසන් තරගයට
2018-04-20 18:48:35 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ අවසන් සහ තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අද (20 වැනිදා) සමත්විය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ පළමු තරගයෙදී කළුතර සිරි කුරුස විද්‍යාලයට එරෙහිව ලකුණු 34 ක ජයක් හිමිකර ගැනීමට කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් කළුතර සිරි කුරුස විද්‍යාලය පළමුව පන්දුවට පහරදිම සදහා කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180 ක් පමණි.

ලකුණු 38 ක් රැස්කරමින් ලසිත් ද සිල්වා තිස්ස මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර ඉයන් ජෝන් ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගනිමින් සිරි කුරුස විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ජයග්‍රහණය සදහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය සිරි කුරුස විද්‍යාලයට ඕවර 39.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණි.

රොහාන් සංජය කඩුලු 3 ක්ද සතින් හිමාෂ් සහ රමේෂ් මදුශංක කඩුලු 2 බැගින්ද දවාගනිමින් කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අවසන් තරගය සදහා ගෙන යෑමට සමත්වූහ.

 


තිස්ස ම.ම.විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 180
(ලසිත් ද සිල්වා 38, සංචන ලංකා 37, ඉයන් ජෝන් 28/4, විහඟ ඉන්දුශාන් 25/2, දිල්හාර නානායක්කාර 33/2)

සිරි කුරුස විද්‍යාලය - ඕවර 39.5 කදී සියලුදෙනා දැවී ලකුණු 146
(දිනෙත් ද සිල්වා 33, කළණ හරේන්ද්‍ර 26, කවිඳ උමයංග 25, මාලින්ද ජයෝද් 22, රොහාන් සංජය 17/3, සතින් හිමාෂ් 22/2, රමේෂ් මදුශංක 24/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
රුසියාවට ගෝල 5-0 ක දැවැන්ත ජයක්...
2018-06-14 23:13:26
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන්ම සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක රුසියා...