. ශාන්ත පීතරයෝ අවසන් තරගයට එති | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
ශාන්ත පීතරයෝ අවසන් තරගයට එති
2018-04-22 22:05:23 | .

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් ලැබූ ශාන්ත පීතර විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය දිනූ මහින්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට ශාන්ත පීතර විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුහු ඕවර 48.3 කදී සියලු දෙනා දැවී ලකුණු 170 ලබා ගත්හ. එහිදී කනිෂ්ක මධුවන්ත නොදැවී ලකුණු 38 ක්ද, සුලක්ෂණ ප්‍රනාන්දු ලකුණු 37 ක් සහ රමිත් ජයසේන ලකුණු 37 ක්ද ලබා ගනිමින් ශාන්ත පීතර විද්‍යාලයීය ඉනිම ශක්තිමත් කලහ. මහින්ද විද්‍යාලයේ නිපුන් මාලිංග ලකුණු 27 කට කඩුලු 3 ක්ද, නවෝද් පරණවිතාන සහ කෙවින් කොත්තිගොඩ කඩුලු 2 බැගින්ද දවාගත්හ.

ලකුණු 171 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලයට ඕවර් 46.5 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 161ක් පමණි. මහින්ද විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා වූ රවිදු වැලිහිඳ ලකුණු 44 ක් ලබා ගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ පීතර විද්‍යාලයේ කණිෂ්ක මධුවන්ත ලකුණු 23 කට කඩුලු 4 ක් බිඳහෙළීය.


ශාන්ත පීතර විද්‍යාලය − ඕවර 48.3කදී සියලු දෙනා දැවී 170
(කණිෂ්ක මධුවන්ත නොදැවී 38, සුලක්ෂන ප්‍රනාන්දු 37, රමිත් ජයසේන 37, දිනිත් අංජුල 26, නිපුන් මාලිංග 27/3, නවෝද් පරණවිතාන 24/2, කෙවින් කොත්තිගොඩ 25/2)

මහින්ද විද්‍යාලය ඕවර 46.5කදී සියලු දෙනා දැවී 161
(රවිදු වැලිහිඳ 44, කෙවින් කොත්තිගොඩ 34, නවෝද් පරණවිතාන 23, කවිදු එදිරිවීර 13, කණිෂ්ක මධුවන්ත 23/4, රුවින් සෙනවිරත්න 34/3)

 
- 024

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...