Last Update  :  2019-09-19 19:53:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට

ක්‍රිකට් නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට

යොහාන් භාසුර - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාර්යය මේ වන විට ආරම්භ කර ඇති බවත් එය නැවත ප්‍රශ්නයක් නොවන ආකාරයට ගෙන ඒම තව වගකීම බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.  

“මම හිතන්නෙ නෑ එය සතියකින් දෙකකින් කරන්න පුළුවන් වෙයි කියලා. මේක අපි හරියට කරන්න ඕනේ. අඩුම තරමේ ඊළඟ ක්‍රිකට් නිලවරණයේදී වුවත් ප්‍රශ්නයක් නොවන ලෙස හරියට හැදෙන්න ඕනේ. මගේ කාලය තියෙන්නේ තව මාස දෙක තුනක් කියලා හිතලා, ඡන්දයක් එනවා කියලා මම නිකන් රේස් අශ්වයෙක් වගේ වෙනස් කරන්න හදන එක හරියන එකක් නෑ කියන එකයි මගේ විශ්වාසය”

“ඒ නිසා තමයි ඒ ලියකියවිලි දෙක පාර්ලිමේන්තුවට ටේබල් කළේ. පාර්ලිමේන්තුවේ සිලෙක් කොමිටියක් හරහා ඒකට අවශ්‍ය සියලු තොරතුරු එක්රැස් කරලා ඉන් පසුව පාර්ලිමේන්තුවට පනතක් ගේනවා”
“මම හිටියෙ නැති වුණාට කමක් නෑ. මම කරන්න ඕන ටික කරලා තියෙන නිසා ඕනෑම ක්‍රීඩා ඇමතිවරයෙක් ඉතිරි ටික කරයි කියලා අවංකව, හදවතින්ම තියෙනවා”

“ගොඩක් ක්‍රීඩා ඇමතිවරු මේක කරන්න හැදුවා. ඒ අයට යම් යම් බලපෑම් නිසා කරන්න බැරි වුණා. ඒ බලපෑමට හසු නොවුණ එකම කෙනා මම විතරයි. ඒ නිසා කරගන්න හැකියාව ලැබුණා. මොකද හිටපු ක්‍රීඩා ඇමතිවරු දෙන්නම හිටපු පක්‍ෂය අනුවයි ඒ දේ සිදුවුණේ කියලයි මටනන් හිතෙන්නේ. මම හිටපු පක්‍ෂය අනුව මට කාටවත් බලපෑම් කරන්න බැරි වුණා”

“ඒ ක්‍රීඩා ඇමතිවරුන්ටත් උවමනාවත් තිබුණා මේක වෙනස් කරන්න. නමුත් යම් යම් තැන්වලදී බාදාවන් ඇති වුණාද දන්නේ නෑ. මම හිතනවා එහෙම වෙන්න ඇති කියලා”

 



අදහස් (0)

ක්‍රිකට් නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.