Last Update  :  2019-09-19 19:53:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට පාකිස්තානයේදී තරග 6 ක්

ශ්‍රී ලංකාවට පාකිස්තානයේදී තරග 6 ක්

editorial - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන ඔක්තොබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවට එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග 3 සැප්තැම්බර් මස 27, 29 සහ ඔත්තෝබර් මස 2 යන දිනවල කරච්චිහිදී පැවැත්වීමට නියමිත අතර විස්සයි20 තරග 3 ඔත්තෝබර් මස 5, 7, සහ 9 යන දිනවල ලාහෝර්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට නියමිත තිබිණ. කෙසේ වුවත් දෙරටේ ක්‍රිකට් අයතන අතර ඇතිවූ සාකච්චා වලින් අනතුරුව එක්දින තරග 3 සහ විස්සයි20 තරග 3 සැප්තැම්බර් සහ ඔක්තොබර් මාසවලදී පාකිස්තානයේ පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ඔක්තෝබර් මාසයේදී දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරග 2 ලබන දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට සිදුව තිබේ. එහෙත් එම තරග දෙක පැවැත්වෙන්නේ පාකිස්තානයේදී නොව පෙර යොදාගත් පරිදිම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය.

උක්ත එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 25 වැනිදා කරච්චි නුවර බලා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර ඔක්තෝබර් මස 10 වැනිදා ලාහෝර් සිට යළිත් දිවයින බලා පැමිණීමට නියමිතය.


තරග කාල සටහන
සැප්තැම්බර් 27 වැනිදා - පළමු එක්දින තරගය - කරච්චිහිදී
සැප්තැම්බර් 29 වැනිදා - දෙවැනි එක්දින තරගය - කරච්චිහිදී
ඔක්තෝබර් 2 වැනිදා - තෙවැනි එක්දින තරගය - කරච්චිහිදී
ඔක්තෝබර් 5 වැනිදා - පළමු විස්සයි20 තරගය - ලාහෝර්හිදී
ඔක්තෝබර් 7 වැනිදා - දෙවැනි විස්සයි20 තරගය - ලාහෝර්හිදී
ඔක්තෝබර් 9 වැනිදා - තෙවැනි විස්සයි20 තරගය - ලාහෝර්හිදී

-036

 



අදහස් (0)

ශ්‍රී ලංකාවට පාකිස්තානයේදී තරග 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.