Last Update  :  2020-05-28 10:45:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුදුසුකම් තේරීමේ තරග කල්දමයි

සුදුසුකම් තේරීමේ තරග කල්දමයි

editorial - 2020 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය ලෝ පුරා පැතිරී යාමේ තත්ත්වය හේතුවෙන් ලබන වසරේදී (2021) පැවැත්වීමට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග කිහිපයක් කල්දැමීමට සිදුව ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. ඊට අමතරව වසර 2023 දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග කිහිපයක්ද කල්දැමීමට සිදුවී ඇතැයි ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.

කල්දැමීමට සිදුවී ඇති මෙම තරග සියල්ලම මේ වසරේ ජූනි 30 වැනිදාට පෙර පැවැත්වීමට නියමිතව තිබූ තරග වේ.

චීනයේ වූහාන් නුවරින් ආරම්භ වී ලෝ පුරා පැතිර ගිය කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව අද (27 වැනිදා) වන විට 550,000 කට ආසන්න වී තිබිණ. ඔවුන් අතුරින් 25,000 ක් පමණ දෙනා මියගොස් තිබිණ. මෙම වයිරසයේ බලපෑම හේතුවෙන් සමස්ත ලෝකයේම ක්‍රීඩාව එකතැන නතර වී තිබේ.

පුද්ගලයින් ඒකරාශී වන අවස්ථාවලදී මෙම වයිරසය ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාව වැඩිවීම ඊට හේතුවයි. වසර 2021 දී සහ 2023 දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලි දෙකටම එහි බලපෑම දැඩිව දැනෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය.

“ගෝලීය වශයෙන් පවතින සෞඛ්‍ය අවදානම හේතුවෙන් මේ වන විට ලෝකයේ බොහෝ රාජ්‍යයන් විසින් මහජනයාට විවිධ සීමාවන් පනවනු ලැබ තිබෙනවා. ඒ නිසා මේ වසරේ ජූනි මස 30 ට පෙර පැවැත්වීමට නියමිතව තිබූ සියලුම සුදුසුකම් තේරීමේ තරග කල්දැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තියෙනවා. ඒ තරග නැවත පැවැත්වීමේ දින ගැන පසුව සලකා බලනවා” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ තරගාවලි ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි මහතා පැවසීය.

“මේ තරගාවලි දෙක සම්බන්ධයෙන් කලින් සැලසුම් කළ විදිහට කටයුතු කෙරේවි. ඒත් එහි ඉදිරි කටයුතු සිද්ධවෙන ආකාරයත්, මේ වසරේදී ඉදිරි තරග සංවිධානය කෙරෙන ආකාරයත් පිළිබඳව ඉදිරියේදී දැනුවත් කෙරෙනවා” යයිද ටෙට්ලි මහතා වැඩිදුරටත් පැවසීය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙම තීරණය හේතුවෙන් තරග 8 ක් පමණ කල්දැමීමට සිදුව තිබේ.

ලබන වසරේදී (2021) පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2023 දී පැවැත්වීමට නියමිත එක්දින අන්තර්ජාතික ලෝක කුසලාන තරගාවලියේද සත්කාරය දරන්නේ ඉන්දියාවයි.

මේ වසරේ විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය පසුගිය දිනවල (පෙබරවාරි - මාර්තු) ඕස්ටේ්‍රලියාවේදී පැවැති අතර එහි පිරිමි තරගාවලිය ඔක්තෝබර් මාසයේදී ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන ඔක්තෝබර් මාසයේ ඕස්ටේ්‍රලියාවේදී සුදුසුකම් ලැබීමේ තරග දෙකකට සහභාගි වීමට නියමිතය.

විස්සයි-20 ලෝක කුසලාන (පිරිමි) තරගාවලිය වෙනුවෙන් ලෝක කුසලානය රටින් රටට ගෙන යාමේ සංචාරය ලබන මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබිණ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙම සංචාරය ද කල්දමා තිබේ.

..



අදහස් (0)

සුදුසුකම් තේරීමේ තරග කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.