Last Update  :  2019-09-19 19:53:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Latest news දියගමටත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉල්ලයි

දියගමටත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉල්ලයි

යොහාන් භාසුර - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෝමාගම, දියගම ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිරි කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යවරයා ඒ පිළිබඳව වැඩි දුරටත් මෙසේ පැවසීය.

“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති මනෝහරන් මහතා මම මුණගැහෙනවා. නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම්වලට එතුමාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී බෝජන සංග්‍රහයත් තිනෙවා”

“සභාපතිවරයාගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා හෝමාගම, දියගම, මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ අනෙක් පස තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණය අයි.සී.සී. එකේ සහයෝගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තවත් ප්‍රධාන ක්‍රීඩාංගණයක් හදන්න කියලා ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු- වෙනවා. මම විශ්වාස කරනවා එතුමාලන්ලාගේ සහයෝගය ලැබෙයි කියලා”

“බදුල්ල ක්‍රීඩාංගණය ගැන ලොකු ප්‍රශ්නයත් තිබුණා. නමුත් එයට තාම ටෙන්ඩර් හෝ කැඳවලා නෑ. අපිට ක්‍රීඩාංගණවලට ලොකු- අඩුවක් තියෙනවා. රත්නපුරෙන් එහාට හරි ක්‍රීඩාංගණයක් නෑ. වයස 19 න් පහළ හෝ ක්‍රීඩා සමාජ තරගයක් පවත්වන්න ක්‍රීඩාංගණයක් ඒ පළාතෙම නෑ. අම්පාර, මොණරාගල යන මේ සියලු පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නෑ. බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තියෙන්නේ ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුමක් නිසා. ඒක මම ගහපු එකක් නෙවෙයි. ඒක නගර සභාවත් එක්ක වසර ගණනාවකට පෙර නගර සභාවත් එක්ක ගහපු එකක්. මම බදුල්ලෙ මිනිහෙක් හැටියට බදුල්ලට හොඳ ක්‍රීඩාංගණයක් තිබීම ගැන සතුටු වෙනවා”

 



අදහස් (0)

දියගමටත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.